• Ape Kalaye Piya Satahan - අපේ කාලයේ පිය සටහන්

වටපිට බලු නිශානිට තමා ඉන්නේ තනියෙන් බව තේරුනි. නැවත පුටුවේ වාදී වුනු ඇය ටිකට් පත දෙස බැලුවේ එහි ඉලක්කම් දිහා නැවත බලන්නය. ඔව්, මේ ඉලක්කම් තමා අර වැටෙන්නේ ස්ක්‍රීන් එකේ. ඒ කියන්නේ මේ ටිකට් එක ලක්ෂ දෙසීය තිහක් දින්නා ?! ඕ මයි ගෝෂ්, එත් මේවා පට්ටපල් බොරු.. මේවා දෙන තෑගිද? එත් ඉතින් මේක නේ ටිකට් එක... මේක දුන්නම තෑග්ග දෙන්න එපැයි! එත් කාගේද මේක ? ණය බරින් මිරිකී ඉන්න මට මේක දෙයියෝ දුන්න තෑග්ගක්ද? ඔක්කොම ණය ගෙවලා දාලා ගේ පොඩ්ඩකුත් ගන්න පුළුවන්. මගේ පට්ටෝ දෙන්නට අලුත් ඇඳුම්, සෙල්ලම් බදු ටිකක් අරන් දෙන්න පුළුවන්. ඇයි, කාලෙකින් කොහෙවත් ගිහින් කන්න බැරි වුනා.  උන් දෙන්නා කොයිතරම් ආසාවෙන් ද ඉන්නේ පිටින් කන්න. හ්ම්... අම්මෝ කොච්චර වැඩ කරගන්න පුළුවන්ද! ඒ විතරක් ද මට මගේම නංගි කෙනෙක් වගේ උදව් කරන මන්ගලිකාට අලුත් ඇඳුමක් අරන් දීලා, අතට ගාණකුත් දෙන්න පුළුවන්... එත් දෙයියනේ... මේක මගේ නෙමෙයි නේ, මං කවද්ද ලොතරැයි ගත්තේ? එත්...,

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sonduru Agnadayakaya - සොඳුරු ආඥාදායකයා

Sonduru Agnadayakaya - සොඳුරු ආඥාදායකයා

උඩු මහලේ සිට තරප්පු පෙළ දිගේ පහලට බසින් සිටි විජේබාහු, මැදක් බැස නැවතී ටයි පටිය පටිය ගැට ගසා තද කරගෙ..

Rs. 950.00